කැකුළක්ව පරවූ ආලය...
රහසින්ම බැඳි සෙනෙහස
හය හතර නොතේරුන වයසට
දැන් දැන් තේරුනත් මට
නොහැක යන්නට අතීතෙට..
තනි වූ සවසක
සමරු පොත අතගෙන
ලීවත් ඒ කොමළ බස
නෑ වැටහිලා අදත් ඔබ හට..
සාමල අමරල කැඩූ සල් මල්
ඇහිදන් ගෙතුව මල්වැල්
හෝඩිපොත කවුරු එනකල්
අදත් ඇති වෙවී හුරතල්..
පාසැල නිමාවී සවසට
එනතුරා හවස පන්තියට
ගැන්න අතගිල්ලෙ කරගැට
දැනිල හැඬුවා හිත හෙමීට..
කලා ඉඟි බිඟි තුටින්
රවා කරකවා නිල්ඇස් මතින්
යවා සුසුමන් සොවින්
ඉවසුවා මං තනි හිතින්..
එකම මග යාවිද හිතන්
කලා පසු පසම පෙරුමන්
වෙන් වුනේ ඇයි දරුවන්
හැඩුව ගුරුතුමී දෙනුවන්..
කලක් ගොස් දෛවයේ සරදම්
හමුවුනා යලි දෙනෙත මනරම්
අතක් පටලා නුහුරු පෙරුමන්
ළන්වෙලා ඇය ඔහුට යහමින්..
මම තවම එතනමයි
හිත එදා වාගෙමයි
අතගිල්ලෙ එල්ලෙන්න
පෙම්බරිය අඬගසයි..
හිත හදන් වෙන්වෙන්න
ඔබේ ඇස් නොපෙනෙන්න
පොඩි පුතුව සිඹ සනස
අපි ගියා අවිදින්න..