අයිති වෙන දෙයක්නම් ආදරේ..ඔයාට මට ඒක මෙච්චර කාලයක් ලැබුනද?
කියවන ඔයා මට හිනා වේවි,ඔව් මට ලැබුන කියාවි..ඒ ඔයා ආදරේ නොදන්න නිසා..ආදරේ කියන්නෙ ආශාවට,තණ්හාවට..නිකමට හිතන්න අපි ආදරෙ කරන්නෙ අපේ හිත සතුටුවෙන දේකට නෙවේද?
රස කෑමකට අපි ආදරෙයි..එත් පිටතට කියවෙන වචනෙ "රසයි,මරු,නියමයි,ආසයි"
ලස්සන ඇදුමකට අපි ආදරෙයි..එත් පිටතට කියන්නෙ
"ආසයි,ශෝක්,අලුත් මෝස්තරයක්"
අජීවී වස්තු වලට එහෙම ආදරේ ප්‍රකාශ කරන අපි ,ජීවිතයකට ඒ තණ්හාවම ආශාවම "ආදරේ" නමින් වෙස් වලාගන්නව..
ඔයාගෙ පෙම්වතාට,පෙම්වතියට,බිරිදට,ස්වාමියාට තියෙන ආශාව,තණ්හාව "ආදරේ"නමින් ප්‍රකාශ කරනව..
"ආදරේ ලෝකය ජීවත් කරනව"
ඔව් මමත් එකඟයි..මේ ලෝකය රඳාපවතින්නෙ බැඳීම් එක්ක..ඒක බැඳල තියෙන දම්වැල ආදරය..මං කියන මේ "ආශාව"
ජීවිතේ "ආදරේ"කියන වචනෙට තරමක් හෝ සාධාරණයක් ඉටුකරන අස්ථාවක් මං දැක්ක..
සමහරු එකඟ වේවි..සමහරූ එහෙම නොවේවි..ඒත්
තමන්ට ලැබුනත් ,නොලැබුනත් යම් කෙනෙක්ට එකවගේ හැගීමක් ඒ පුද්ගලයා වෙනුවෙන් දරන්න පුලුවන්නම් ?
ඒ පුද්ගලයා වෙනුවෙන් ඉවසන්න පුලුවන්නම්?
ආශාවෙන් ළන්කරගත්ත දෙයක් තමාව සතුටින් තිබ්බ,ඒ සතුට තමන්ට නොලැබෙනකොටත් ඒ විදිහටම වෛරනොකර ඉවසන්න පුලුවන්නම්?
ඔව්..මං දකිනව ඒ ආදරේ...ඩිංගක් හිතන්න
අපේ දෙමවුපියන්ගෙ ආදරේ????
(සංවාදයට විවර කරමි ..)