ඉස්සර වගේම
බොළඳයි මගේ සිතුවිලි
පුංචිම කාලේ වගේම
ඒ හින්දම...
තාත්තේ.......
ලොකු කවි අකුරු ගලපන්න
හිතන් ආවත් පණ්ඩිත කමට
තවමත් ගොලුවෙනවා හෙලබසත් මට
හරි පුදුමෙට.....
ගලපන්න හුස්ම වැටෙන නාස්පුඩු මතට
දිවයන්න සවිය හොයා මට සැනසෙන්න
තවමත් ගැලවුමක් වන්නේ අප සැමට
නැවතුමත් ඔබ පමණි අවසානයේ සිහි වෙන්නේ ...
යාන්තමට මතක මගේ පුංචි ඒ බාලේ
සුරතලේක් මමත් ඔය කවුරුත්ම වාගේ
ඇරඹුමක් රහසින්ම ගත්ත ඔය උකුලේ
සැමරුමක් පමණක්ද දෙනෙත මත ඒ ආලේ.....
ආකාසේ ඉගිලෙන්න තටු හයිය බව ඇත්ත
සේද මල් යහනාව මග බලන බව ඇත්ත
සෙනෙහසක් තුරුළු කල ඔබ හැදුව මේ පුරය
අතර මට හැකිවේද කීව ලෙස ඉගිලෙන්න...
සංසාර සෙවනැල්ල වගේ තනි රකින්නම්
ඔබ යනෙන පෙර මගට අත්වැලම තබන්නම්
දිවි මගේ අරගෙනම සියක් කල් වැජබෙන්න
සුබ උපන්දිනයකට ආසිරිම පතන්නම්.....!!!