දුම්රිය පොළ
ඔබ එනකන් තනිරකින
මම මග බලාගෙන හුදකලාවම
අසුනක් වෙන් කරවන්න
හිත හයිය නෑ මට පෙර වාගේ
ඔබේ රුව දකින තුරු
තුරුළු කරගෙන මල්පොකුරු.....
ඔබ ගියා
මම නැවතුනා
තාමත් හිත හයිය නෑ
අහිමි කරගන්න දුටු හීන
හීතලට උනුහුමක්
තව දුරක් යන්න බෑ
ඔබ නැතිව නැවතිලා
මග බලා හිදුනු මිස...
ගෙවනු සියවස
තවත් කල්පෙක
එක්කලා විදවන්න මතකය
වෙනස නෑ මට
පුදුම ඒකය
ගෙවන රැය දහවල පුරාවට....
රකින මගේ හිත තවත් පල නැත
නමුදු පැතුමක් තවත් මට ඇත
ඈත පෙනෙනා සිබින ඒ තොල්
දුම්රියේ කෙළවරක අසුනක
සිහිකලා පෙර දාක අපේ ලොව
රැකුන සුරැකුණ මතක පෙම ළඟ...