තාත්තා........අම්ම හැරුනම මටනම් කියවෙන, සිහිවෙන එකම වචනය...
ඔව් ඔයාලටත් එහෙම වෙන්නැති මේක කියවන මට වගේම...
මහ රෑ කදුළු කැට එකින් එක ගිලිහෙන කොට හේතුවක් නැතිව ඔහේ ඉබාගාතේ
හිතුවක්කාර කමට නිකමට හිතන්න ගත්ත හිත ඔයා ගැනම...
ඇත්තටම මොකක්ද ඒ තරමටම මන්තරේ ඔයා මගේ හිතට මතුරන...
ඇත්තටම මොකක්ක්ද ඔයා ඒ තරමටම බැන්ද මායාව මගේ ලෝකයේ..
ඇත්තටම මොකක්ද ඔයා ඒ තරම්ම ඇන්ද සිතුවම මගේ සිතිවිලි ලෝකයේ ....
මේක කවියක් නෙවේ....සමහරුන්ට පද ගැලපෙන්නේ නැතිකොට තරහා යාවි....තව අය ඉතිරි ටික නොබලාවී...
''එත් මේක කියවන ඔයාට පුලුවන්ද ඒ සෙනෙහසට ඉවරයක් වෙන්න පද ගලපන්න?"
තාත්තේ ;
ඔයාගේ සෙනෙහස තේරෙන්න මට අවරුදු ගානක් ගියා...
තරහකට පහරකින් නොතලපු අහිංසක දඩබ්බර තනි හිත...
සයුරකට ගලන ගංගා බර වැඩි නෑ වගේ....මගේ හැම වරදක්ම ඉවසන්න ඇති
මහමෙරටත් වැඩි ඔයාගේ ඉවසීම ,අනුකම්පාව ඔයාගෙම රතු ලේ හින්ද වෙන්න ඇති මගේ පපුවෙත් දුවන්නෙත්.....
සංසාරේ මනුස්සකම ලැබුණානම් ඒ ඔයා දුන්න පින් හින්ද වෙන්නැති තව ආත්මෙක මට .....
ලියන්න වචන නැතිවුනත් .........
හිතන්න අද රෑත් මදිවේවි....
සංසාරේ හැමදාම
මට වුනා වගේ....