මියදුන කුණාටුව සරණ
යදින්නම්
නිසල මගේ පෑරුන සිතට
හමන්න යලි
ගසාගෙන ගොස් සියලු දේ
ඉතිරි කලේ ඇයිද මතකය
විතරක්..
දිය බිඳට හැඩුව දෙතොලට
අහිමි කලේ මන්ද පිණි දියත්
වියළි කතරත් කරන සරදම්
දරනු කෙලෙසක සුසුමක්....
සෙවණ දුන් තුරු හිසත්
ළගම උන් මදහසත්
උදුර ගෙන කල්පයක්
නොමැත තව නිවනක්.....