Tuesday, July 15, 2014



එදා අප ලෙන්ගතුව දොඩමලු වූ
අපේම පුංචි පිනි හෙවන
අදත් කාට හරි සිසිලදෙනවා ඇති
හරි අපූරුවට,
උනුත් මුමුණනවා ඇති අපි වගේම
තොර තෝංචියක් නැතිව
කවටකම්
බොළඳ කම්
මනමාලකම්
ඉගිලෙනවා ඇති
හිතුවක්කාර ඇහල මල් හෙවණ පුරාවට
හීනලන්තයේ කොට්ටම්බා හෙවනට
දුවනවා ඇති උන් අත් අල්ලගෙන
තුත්තිරි පාපිස්සේ කටු ඇනුනට
මල් පිපුනානේ හැමදාම
මට උරුම සරසවි කුමරිය
ඉගිලිලා ගියාට හරි ඉක්මනට
තරහක් නෑ තුන්හිතක
ලෙන්ගතුයි හැමදාම .....